දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘සහේලී’ ලෙස ප්‍රේක්ෂක ඔබගේ ආදරය ලබන එමාෂා සෙනෙවිරත්න සමගින් අද තරු කතාබහ අපි මෙලෙස ඇරඹුවෙමු. රංගන ශිල්පිනියක් වීමට පෙර රූපවාහිනි වෙළෙඳ දැන්වීම් රැසක දකින්නට ලැබුණ එමාෂා ඉදිරියේ දී ලාංකීය සිනමාවටද සම්බන්ධ වීමටද බලාපොරොත්තුවෙන් සිටින්නීය.
මේක මට අහම්බෙන් ලැබුණ අවස්ථාවක්. කොහොමත් මගේ හිතේ තිබුණේ නැහැ රංගන ශිල්පිනියක් වෙන්න. ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් මට ටෙලි නාට්‍යය වගේම සිනමා නිර්මාණ බොහෝමයකටත් ආරාධනා ලැබුණා. ඒ ලැබුණ අවස්ථා ඔක්කොම මම මඟඇරියා මම රඟපාන්න අකමැති හින්දා.‘සහේලී’ විදිහට රඟපාන්න අවස්ථාව ලැබුණේ?
‘දෙවැනි ඉනිම’ මම ගොඩක් කැමති හා ආසාවෙන් නරඹන ටෙලි නාට්‍යයක්. අනික මම දැන් රඟපාන ‘සහේලී’ චරිතය වුණත් මට කරන්න පුළුවන් චරිතයක්. ඒ නිසා තමයි මම රඟපාන්න කැමති වුණේ. පසුගිය කාලයේ මම නිර්මාණ බාරගත්තෙ නැත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් හිටිය නිසා. දැන් ඒ සියල්ල අවසන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ‘දෙවැනි ඉනිමේ’ ටෙලි නාට්‍යයේ ‘සහේලී’ චරිතය රඟපාන්න මම බාර ගත්තේ.‘දෙවැනි ඉනිමට’ ඔබ සම්බන්ධ වුණේ ඇයි?
‘සහේලී’ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ රසිත ප්‍රතිචාර ලැබෙනවා. ‘සහේලී’ චරිතය රූපවාහිනියේ විකාශය වුණ මුල් කාලයේ දී ප්‍රේක්ෂකයෝ මං ගාවට ඇවිල්ලා ඔයා ‘දෙවැනි ඉනිමේ’ ටෙලි නාට්‍යයේ ‘සහේලී’ වගේමයි කියපු අවස්ථා තිබුණා. දැන්නම් මාව බොහෝ දෙනෙක් අඳුරගෙන කතා කරනවා. ගොඩක් අය ‘සහේලී’ කියන චරිතයට කැමතියි. මේක මගේ පළමු ටෙලි නාට්‍යය රංගනය. පළමු රංගනය තුළින්ම ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය චරිතයක් වෙන්න ලැබුණ එක ගැන නම් මට තියෙන්නේ ලොකු සතුටක්.ඇත්තම කියනවා නම් වෘත්තිය විදිහට රංගනය තෝරා ගන්න මගෙ කිසිම අදහසක් නැහැ. රංගනය කියන්නේ මම අමතරව කරන වැඩක් විතරයි. හැබැයි හොඳ නිර්මාණයක් විශේෂයෙන්ම සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණොත්, ඒ ගැන මම සලකලා බලනවා. මොකද, සිනමාවේ පෙනී ඉන්න මගේ ලොකු ආසාවක් තියෙනවා.රංගනය වෘත්තිය කරගන්න කැමතිද?
ඔව්, නමුත් ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘සහේලී’ වෙන්න කලින් රූපවාහිනි දැන්වීම් රැසක රඟපාලා තියෙනවා. දැනටත් මා දායක වුණ වෙළෙඳ දැන්වීම් විකාශය වෙනවා. මා රංගනයෙන් දායක වෙන ‘සන්ලයිට්’ ඇඩ් එක මේ දිනවල ගොඩක් ජනප්‍රියයි. ඉදිරියටත් තව එන්න තියෙනවා.රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන පළමු වතාව මේකද?


0 Comments