සමේ තෙල් සහිත ස්වභාවය වැඩි යුවතියකට ලස්සන මේකප් එකකට මග ...ටිප්ස් 7ක්



ගමනක් බිමනක් යනකොට විතරක් නෙවෙයි රැකියාවට යන යුවතියකට උනත් පුංචියට හරි මේකප් එකක් කරගන්න ඕන වෙන එක සාමාන්‍යයි. ඒත් ඔබට තියෙන්නෙ තෙල් සහිත සමක් නම් කොච්චර මේකප් කලත් වැඩක් නෑ කියල ඔබට හිතෙන්නෙ මුහුණේ තෙල් ගතිය මතු වෙන නිසයි. සාමාන්‍ය සමකට හෝ වියලි සමකට කරන ආකාරයේ මේකප් එකක් තෙල් සහිත සමකට ගැලපෙන්නෙ නෑ. තෙල් සහිත සමක් ඇති යුවතියක් මේකප් එකක් කරන්න කලින් සහ මේකප් එකකදි සැලකිල්ලට ගත යුතු කාරණා කීපයක්ම තියෙනව. අද අපි මේ කියන්න හදන්නෙ ඒ ගැනයි.
1. සම පිරිසිදු කර ගැනීම
මද රස්නය ඇති වතුරෙන් මුහුණ හොඳින් සෝදාගෙන ක්ලෙන්සර් එකක් භාවිතයෙන් සම පිරිසිදු කර සාමාන්‍ය වතුරෙන් සෝදා තෙත මාත්තු කරගන්න. මේ මගින් සම මත ඇති කුණු, දූවිලි සහ අමතර තෙල් තට්ටුව ඉවත් කර ගන්න පුළුවන්. තෙත ගතිය වියලුනු සම මත ඇල්කොහොල් අඩංගු නැති ටෝනර් එකක් ආලේප කර ගෙන වියලෙන්නට හරින්න.
2. මොයිස්චරයිසර් ආලේපය
තෙල් සහිත සමක් ඇති ඔබ අනිවාර්යයෙන්ම ඔයිල් ෆ්‍රී මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න. මොයිස්චරයිසර් ස්වල්පයක් අතට ගෙන හොඳින් පැතිරෙන ලෙස මුහුණේ ආලේප කරන්න.
3. ප්‍රයිමර් එකක් භාවිතා කරන්න
හුඟ දෙනෙක් මේකප් එකක් කරන කොට ප්‍රයිමර් එකක් භාවිතා නොකර කෙලින්ම කන්සීලර් සහ ෆවුන්ඩේශන් වලට යොමු වෙනව. හැබැයි තෙල් සහිත සමක් ඇති ඔබ විශේෂයෙන් ඔයිල් ෆ්‍රී ප්‍රයිමර් එකක් ආලේප කරන එක වඩාත් සුදුසුයි. සමේ තෙල් සහිත ගතිය ඉස්මතු නොවී මේකප් එක වැඩි කාලයක් රඳවගන්න මෙයින් හැකියාව ලැබෙනව. ප්‍රයිමර් භාවිතයේදී ඇහි පිල්ලම් වලත් තවරාගන්න අමතක කරන්න එපා. මේ සඳහා ඇහි පිල්ලම් සඳහාම වෙන්වූ ප්‍රයිමර් එකක් පාවිච්චි කරනවා නම් වඩාත් සුදුසුයි.
4. ෆවුන්ඩේශන් සහ කන්සීලර් ආලේපය
තෙල් සහිත සමක් ඇති ඔබ හැම විටම තෝරා ගත යුත්තේ මැට් ෆිනිශ් එකක් එන ෆවුන්ඩේශන් එකක් සහ ලික්විඩ් කන්සීලර් එකක්. කන්සීලර් එකකින් සමේ පැල්ලම් ඇති තැන් වසාගෙන ෆවුන්ඩේශන් එකෙන් සම ඊවන් ටෝන් කරගැනීම කරගන්න. ෆවුන්ඩේශන් තෝරා ගැනීමේදී තෙල් සහිත සමට විශේෂී වූ ෆවුන්ඩේශන් එකක් තෝරාගැනීමට මතක තබා ගන්න. ඇහි පිල්ලම් වල ප්‍රයිමර් භාවිතයෙන් පසු කන්සීලර් තවරන්න එපා. ප්‍රයිමර් එකෙන් සහ අයි මේකප් එකෙන් ඇහි පිල්ලම් වල අඳුරු ගතිය කොහොමත් මැකී යනව.
සාමාන්‍ය සමකට වඩා තෙල් සහිත සමක් ඇති යුවතියක් ෆවුන්ඩේශන් භාවිතයේදී සැලකිය යුතු කරුණක් තියෙනව. ෆවුන්ඩේශන් ආලේපයේදී සමේ තෙල් සහිත ගතිය ඉස්මතු වෙන තැන් වලට වඩාත් තුනී ෆවුන්ඩේශන් තට්ටුවක් ආලේප කරන්න. ඒ මත පවුඩර් කිරීමෙන් සමේ තෙල් සහිත ගතිය මතු වීම වැලකෙනව.
5. පව්ඩර් කිරීම සහ බ්ලශ් කිරීම
හැම විටම තුනී පව්ඩර් තට්ටුවක් ආලේප කරන්න. පමණට වඩා පව්ඩර් තැවරීමෙන් ඔබේ සමේ සිදුරු අවහිර වී වැඩිපුර තෙල් සම මතු පිටට ආ හැකියි. බ්ලශ් භාවිතයේදී දිලිසෙන ගතියෙන් තොර මැට් බ්ලශ් එකක් භාවිතා කරන්න. ශිමරින් බ්ලශ් එකකින් සමට එන දිලිසෙන ස්වභාවය තෙල් සහිත සමකට සුදුසු නැහැ.
6. අයි ලයිනර් සහ මස්කාරා
වෝටර් පෲෆ් අයි ලයිනර් සහ මස්කාරා භාවිතා කරන්න. වියලි සිසිල් කාළගුණ තත්ත්වයකදී උනත් වෝටර් පෲෆ් නිෂ්පාදන භාවිතය මගින් සමේ තෙල් ගතිය මතු වී මේකප් එක බොඳ වීම වලක්වනව.
7. මේ දේවල් මතක තියාගන්න
පව්ඩර් එක රැගෙන යන්න. පැය දෙකකට පමණ සැරයක් නාසය නළල සහ නාසය දෙපස වගේ තෙල් ගතිය මතු වෙන තැන් යන්තම් පව්ඩර් කරගන්න. මේකප් එක කරනකොට පව්ඩර් තට්ටුවක් ආලේප නොකර යන්තම් තවර ගන්න හේතුවක් තමා මේකප් එක රීෆ්‍රෙශ් කරගන්න කොට නැවතත් පව්ඩර් ටිකක් තැවරීම. මූලික මේකප් එකේදීම පව්ඩර් ලොකු තට්ටුවක් තැවරුවොත් රීෆ්‍රෙශ් කරගන්න කොට මේකප් එකේ ඉරි තැලුන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්.
බ්ලොටින් පේපර්ස් කීපයක් ලඟ තියාගන්න. මුහුණ කිසිම විටෙකත් පිස දමන්න එපා. බ්ලොටින් පේපර් එකකින් නාසය දෙපස් නළල වගේ සමේ තෙල් සහිත ස්වභාවය මතු වෙන තැන් යන්තමින් තද කරමින් තෙල් ගතිය ඉවත් කරගන්න. මේකප් කලත් නොකලත් තෙල් සහිත සමක් ඇති ඔබ බ්ලොටින් පේපර්ස් ළඟ තියාගන්න එක වඩාත් සුදුසුයි.
සමේ තෙල් සහිත ගතිය අවම කරගන්න අවශ්‍ය සත්කාර කරන්න. මේ වගේ තෙල් සහිත සමට සුදුසු ෆේස් මාස්ක් එකක් සතියකට හෝ දෙකකට වතාවක් ගෙදරදීම කරගන්න.



COPY

Post a Comment

0 Comments

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Translate