මිස් ග්ලෝබල් ඒෂනී



2014 මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සඳහා මිස් ශ්‍රී ලංකා ලෙස තේරුණේ මේ රුවැත්තියයි. මේ අනුව දෙසැම්බර් 6 වැනිදා ජැමෙයිකාවේ කිංස්ටන් නුවර දී පැවැත්වෙන ”මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල්” ලෝක තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනයට වරම් ලබා සිටින්නී ඇයයි. ඒෂනී ඩයනා ජයපාල ඇයගෙ නාමයයි. මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් තරගයට යන ඇය කවු ද?
 
sandalla

0101 ඒෂනි ඔබ කවු ද?
DSC_1041මගේ ගම කුරුණෑගල. ඉගෙන ගත්තෙ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. පවුලේ අම්මයි, තාත්තයි, අයියායි, මමයි. අපි පදිංචි විජේරාමෙ. සාමාන්‍ය පෙළ විභාගයට ලියලා ගෙදර සිටිය දී අම්මා මාව සුදර්ශනීගෙ නර්තන පන්තියකට යොමු කළා. එහි දී නිරූපණයටත් අවස්ථා ලැබුණා. පසුව රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ”ඞීඑස්අයි” ඇඞ් එකෙන් පටන් ගත්තෙ. මේ අතරවාරයෙදි ආයතන කිහිපයක සේවය කළා. ඉන් පසුව ස්වර්ණවාහිනිය, සියත සහ සන් FM (එෆ්එම්) නිවේදිකාවක ලෙසත් කටයුතු කළා.
 

0101 අද දවසේ නියැලෙන්නෙ මොන අංශයේ ද?
දැන්වීම්වලට පෙනී සිටිනවා. ඒ වගේම අර්ධකාලීනව නිරූපණයේ යෙදෙනවා. හැබැයි ඒ කරන දේවල් වෘත්තීමය වගකීම වටහාගෙන කරන්නෙ. එහෙම නැතුව ආවට, ගියාට කරන දේවල් නොවෙයි.
 

0101 ඇයි ස්ථිර අංශයක නිරත නොවන්නෙ?
නිරූපණය, නිවේදනය, සමාජ සත්කාරවලට දායක වීම වගේ ඒ සියලූ දේ කරන්න ආසා නිසා.
 

0101 රඟපෑමට නාවේ?
වතාවක් ද ෆිල්ම් ටීම් ආයතනය යටතේ මෙහි දී රූගත කළ රුසියානු චිත‍්‍රපටයක රඟපෑවා. ඇත්තටම හොඳ චිත‍්‍රපටයක රඟපාන්න ආසයි. හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා.
 

0101 මේ කරන කියන දේවල් ආර්ථිකයට ප‍්‍රමාණවත් වෙනව ද?
මගේ අයියා ජ’පුර සරසවියේ උපාධිධාරියෙක්. එයා විද්්‍යුත් මාධ්‍ය ප‍්‍රවර්ධන කටයුතු ආයතනයක් පවත්වාගෙන යනවා. මාත් ඒ කටයුතුවලට සහයෝගය දෙනවා. ඊට අමතරව ACBT එක මම වැඩිදුර පාඨමාලාවක් හැදෑරුවා. ලබන වසරේ දී මගේම විලාසිතා ආයතනයක් පවත්වාගෙන යාම අරමුණයි.
 
sandalla-02
 

0101 ”මිස් ග්ලෝබල්” ගැන විස්තර සඳහනක් කළොත්?
මේ ජාත්‍යන්තර තරගයට මිස් ශ්‍රී ලංකා හෝ මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සඳහා මෙවර තේරුණේ මමයි. ජැමෙයිකාවේ දී පැවැත්වෙන මෙම තරගයට රටවල් පනස් ගණනක් ඒ රටවලින් තේරුණු මිස් ග්ලෝබල් කිරුළ ලද සුරූපිණියන් සහභාගි වීමට නියමිතයි. මට හිතෙන විදියට රටට කීර්තියක් ගෙන දීමට පුළුවන් වේවි කියලා හිතෙනවා. තමන්ගේ රටේ සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනයට ප‍්‍රචාරය ලබා දීම මෙහි ඉලක්කයයි. ඉතින් මම මගේ රටේ ප‍්‍රවර්ධනයට සේවයක් කරන අතරේ පාසල් කාලයේ සිටම කරන සමාජ සේවයට මීට වඩා ලැදිව කටයුතු කිරීම අරමුණයි. මගේ උපන් දිනය යෙදෙන්නෙ දෙසැම්බර් 4 වැනිදාටයි. එදාට මම ඉන්නෙ ජැමෙයිකාවෙ. 6 වැනිදා පැවැත්වෙන මේ තරගයේ දී ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන ඒම ඒකායන අරමුණයි. මේ සියලූ දේ වෙනුවෙන් මට මේ ලොකු අවස්ථාව ලැබුණෙ ඇමරිකාවේ බොස්ටන් ලංකා මාධ්‍ය ජාලයේ ප‍්‍රධානි චිත‍්‍රාල් ද මෙල් මහතා සහ ලියෝනි ද මෙල් මහත්මියගෙ අනුබලය සහ අනුග‍්‍රහය නිසයි. එය ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැතියි.


lankadeepa

Post a Comment

0 Comments

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Translate