නැවතත් මම රඟපාන්න එනවා- ඩිලානි අබේවර්ධන



ආනන්ද වික්‍රමසිංහගේ 'සටන' චිත්‍රපටය තුළින් සිංහල සිනමාවට පිවිසි ඩිලානි අබේවර්ධන මේ වනවිට ඇමරිකාවේ නිව්යෝර්ක්හි පදිංචිව සිටියි. සෝමරත්න දිසානායක විසින් 2002 වසරේ අධ්‍යක්ෂණය කළ 'පුංචි සුරංගනාවි' චිත්‍රපටය සඳහා අවසන් වරට රංගනයෙන් දායක වූ ඇය වසර 11ක කාලයක් තිස්සේ ඇමරිකාවේ, නිව්යෝර්ක් හි සිය පවුෙල් අය සමග ගත කරමින් සිටියි. නැවතත් සිය මව් රටට පැමිණීමට අදහස් කරමින් සිටින ඇය ඒ පිළිබඳව 'අද' අපිට අදහස් දැක්වූයේ මෙසේය.


Q ඩිලානි ඔබ නැවතත් ලංකාවට එන්න සූදානමක් තියෙනවා කියන කතාව ඇත්තද?
ලංකාවට එන්න කලින් නම් සූදානමක් තිබුණෙ නැහැ. නමුත්, ලංකාවේ ඉන්න රසික පිරිස් නිතරම කතාබහ කරලා කියනවා ලංකාවට නැවතත් එන්න කියලා. ඒ නිසා මේ වසර අගදි නැවතත් ලංකාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ මට ආදරය කරන හැමෝටම ඒක ලොකු පුදුම කිරීමක් වේවි කියලා.

Q ලංකාවට අවොත් ආයෙත් රංගන කටයුතු වල නියැලෙන්න අදහසක් තියෙනවද?
මගේ රටින් සැතපුම් දහස් ගණනක දුරින් හිටියත් නිතරම මගේ අවධානය තිබුණේ ලංකාවේ කලා කටයුතු වලට. විශේෂයෙන්, ලංකාවේ හදන ටෙලි නාට්‍ය, චිත්‍රපට මම නිතරම අන්තර්ජාල වෙබ් අඩවිවලින් නරඹනවා. ඒවා බලනකොට ආයෙත් මට රඟපාන්න ඇත්නම් කියල හිතෙනවා. ලංකාවට නැවත ආ විට රංගනය පැත්තට යොමුවෙන්න සූදානමින් ඉන්නවා.
Q තාමන් ඔබ කැමතිද පෙම්වතියගේ චරිතය රඟපාන්න?
වයස පිළිබඳව ගැටලුවක් නැත්නම් අනිවාර්යයෙන්ම පෙම්වතියගේ චරිතය රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා. මම මේ දක්වා ලංකාවේ රංගනයෙන් දායක වුණ චිත්‍රපට, ටෙලි නාට්‍ය ගත්තොත් ඒමා හැම එකකම රඟපෑවේ පෙම්වතියගේ චරිත. තාමත් ඒ චරිතය රඟපාන්න සුදුසු රුවක්, හැකියාවක් මා තුළ තියෙනවා.

Q ඇමරිකාවේදී රංගනය පැත්තට යොමු වෙන්න හිතුවෙ නැද්ද?
නැහැ. මොකද,  මගේ ජීවිතේ හරිම කාර්යබහුල එකක්. ඒ නිසා එවැනි දේකට යොමු වෙන්න කාලයක් හොයාගන්න අමාරු වුණා.
Q ලංකාවේ බිහිවෙන නිර්මාණවල අද තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
අද හොඳ නිර්මාණ බිහිවෙනවා. ටෙලිනාට්‍ය වගේම චිත්‍රපටත් එදාට වඩා අද තාක්ෂණය පැත්තෙන් ලොකු දියුණුවක් ලබලා තියෙනවා. ලංකාවේ බිහිවෙන ගීත වුණත් අද ගත්තොත් ලොකු වෙනසක්, දියුණුවක් ලබල තියෙන බවක් පේනවා.
Q අද බිහිවෙලා ඉන්න නව පරපුර ගැන මොකද හිතෙන්නේ?
අද ක්ෂේත්‍රය තුළ ලස්සන, දක්ෂ කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නවා.
ලංකාවේ අද බිහිවෙලා තියෙන ඓතිහාසික චිත්‍රපට රැල්ල ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් හොඳයි. කාලෙන් කාලෙට ඔය වගේ රැල්ලක් ඇවිත් හරි ලංකාවේ සිනමාව දියුණු වෙනවා නම් ඒක ලොකු දෙයක්. අද ඓතිහාසික රැල්ල හොඳයි. ලංකාවෙන් ලැබෙන තොරතුරුවලට අනුව ඒ චිත්‍රපට ගොඩක් සාර්ථක වෙලා තියෙනවා.
 Q ඒ වගේ චිත්‍රපට රඟපාන්න අවස්ථාවක් ලැබුණොත්?
අනිවාර්යෙන්ම භාර ගන්නවා. මම ගොඩක් කැමත්තෙන් ඉන්නවා එවැනි ඓතිහාසික චරිතයකට එකතු වෙන්න.
Q ඇමරිකාවේ ගත කරන ජීවිතෙත් එක්ක ඔබගේ රංගන හැකියාව පහග වැෙටනවා කියලා හිතෙන්නෙ නැද්ද?
මම ඇමරිකාවට ආවේ නවතින්න හිතාගෙන නෙමෙයි. හැබැයි දෙවියන්ගේ කැමැත්ත වෙලා තිබුණේ මේක. නමුත්, රඟපාන්න තිබුණ ආසාව අදටත් මොහොතකටවත් අඩු වුණේ නැහැ. ජීවිතේ පරිණත වීමත් සමග ලැබුණු අත්දැකීම් එක්ක රංගන හැකියාවන් තාමත් ඒ විදිහටම අඩු නොවී තියෙනවා කියල හිතෙනවා.








http://ada.lk/article/20001

Post a Comment

0 Comments

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Translate